දෙවියන්වහන්සේගේ කරුණාවෙහි වැඩීම
ඉංග්‍රීිසි දේශකයෙක් වන චාර්ල්ස් එච්. ස්පර්ජන් (1834-1892) ඉතා කාර්්‍යක්‍ෂම ජීවිතයක් ගත කළේය. වයස අවුරුදු දහනවයේදී ඔහු දේව ගැතිවරයෙක් බවට පත් වී වැඩි කල් නොගොස් විශාල පිරිසකට දේශනා කළේය. ඔහු සිය දේශනා සියල්ලම පෞද්ගලිකව සංස්කරණය කළ අතර එය අවසානයේ වෙළුම් හැට තුනකින් සමන්විත විය. එසේම ඔහු බොහෝ විවරණද, යාච්ඤාව පිළිබඳ පොත් සහ වෙනත් කෘතිද ලිවීය. ඔහු සාමාන්‍යයෙන් සතියකට පොත් හයක් කියවීය.…
ගින්නෙන් ශක්තිය ලැබ
ඉතාමත් වෙහෙසට පත්වී සහ දැලි වලින් දැවටී ගිනි නිවන භටයන් දෙදෙනෙක් උදෑසන ආහාරය සඳහා අවන්හලක නතර වූ විට අවන්හලේ සේවය කරන කාන්තාව ප්‍රවෘත්තිවලින් දුටු එම මිනිසුන් හඳුනා ගෙන ඔවුන් ගබඩාවේ ගින්නත් සමග සටන් කරමින් මුළු රාත්‍රියම ගත කරන්න ඇතැයි වටහා ගත්තාය. ඇය ඔවුන්ව අගය කරන බව පෙන්වීමට ඔවුන්ගේ බිල්පතේ සටහනක් ලීවාය. “අද ඔබේ උදෑසන ආහාරය මගෙන්. අන් අයට සේවය කිරීම…
සියළු සැනසිල්ලේ දෙවියන්වහන්සේ
සුවය නොලැබීමට තරම් අසනීප යැයි සිතමින් රඩමෙනෙස් නම්වූ පූස් පැටියාගේ හිමිකරු ඔහුව සත්ව නවාතැනකට භාර දුන්නේය. පූස් පැටවාට සාත්තු කිරීමෙන් පසු සුවවූ ඌව පශු වෛද්‍යවරයා හදා ගත්තේය. පසුව ඔහු නවාතැනේ පූර්ණ කාලීන පදිංචිකරුවෙකු බවට පත්වූ අතර දැන් ඔහුගේ දවස ගෙවෙන්නේ ශල්‍ය කර්මයකින් හෝ අසනීපයකින් සුවය ලැබීමට පැමිණෙන බළලුන් සහ බල්ලන්ගේ සැනසිලිදායකයෙකු ලෙසයි. එනම් ඔහුගේ උණසුම් අභිමුඛයෙන් සහ මෘදු ප්..ර්..ර් හඬිනි.…
උයනේදී
මගේ පියා පැරණි ගීතිකා ගායනා කරන්න ආසයි. ඔහුගේ ප්‍රියතම එකක් වූයේ “උයනේ” යන ගීතිකාවයි. මීට වසර කිහිපයකට පෙර අපි ඔහුගේ අවමංගල්‍යයේදී එය ගායනා කළෙමු. ගායනය ඉතා සරලය. “උන්වහන්සේ මා සමග ඇවිදින සේක. උන්වහන්සේ මා සමග කථා කරන සේක. මම උන්වහන්සේගේ බවත් අපි එහි සිටිනා කාලයේදී බෙදා ගන්නා ප්‍රීතිය වෙන කිසිවෙක් දැන නොසිටින බවත් මට කියන සේක”. එම ගීතය මට මෙන්ම…
මා දිහා බලන්න!
“ආච්චි, මගේ සුරංගනා කුමාරි නැටුම බලන්න !” මගේ තුන් හැවිරිදි මිනිබිරිය ප්‍රීතියෙන් කථා කරමින් අපගේ නිවාඩු කැබින් (නිවාඩුවකදී විවේක ගන්න කාමරයක්) එක ඉදිරිපස මිදුල වටේ දුවද්දී ඇගේ මුහුණේ ලොකු හිනාවක් තිබුණා. ඇගේ “නැටුම” සිනහවක් ගෙන ආවේය; ඇගේ වැඩිමහල් සහෝදරයාගේ නුරුස්සන ගතිය නිසා මෙසේ කීවා, “ඇය නටන්නේ නෑ, දුවනවා විතරය.ි” නමුත් මෙය පවුලේ නිවාඩුව පිළිබඳ ඇගේ ප්‍රීතියට බාධා කළේ නැත.
පළමු…
SOS පණිවුඩයක් යැවීම
ඇලස්කාවේ කඳුකර ප්‍රදේශයක පදිංචිකරුවෙකුගේ පැල්පතේ ගින්නක් හටගත් විට ප්‍රමාණවත් නවාතැන් පහසුකම් සහ ප්‍රතිපාදන නොමැතිව එක්සත් ජනපදයේ ශීතලම ප්‍රාන්තයක ඉතා ශීත සෘතුවක් මැද ඔහු තනි වූයේය. සති තුනකට පසු එම ස්ථානයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් දැලි තවරමින් හිම මත කොටා තිබුණු විශාල SOS (ආපදාවකදී උපකාර ඉල්ලා කරන අන්තර් ජාතික සංඥාව) අකුරු දුටු ගුවන් නියමුවා ඔහුව බේරා ගත්තේය.
ගීතිකාකරු වන දාවිත්…
චක්‍රය බිඳීම
ඩේවිඩ් තමුන්ගේ අතින් සිදුවූ වැරැද්දකට දඬුවමක් වශයෙන් ඔහුගේ සත්වන උපන්දින දවසේදී මුල් වතාවට තමාගේ පියාගෙන් පහරක් ලැබුවේය. මෙය සිදුවුනේ ඔහුගේ අතින් වැරදීමකින් ජනේලයක වීදුරුවක් කැඩූ නිසාය. “ඔහු මට අතින් සහ පයින් ගැසුවා,” ඩේවිඩ් කීවේය. “පසුව ඔහු මගෙන් සමාව ඉල්ලුවා. ඔහු මද්‍යසාරය බීමෙන් පසුව ප්‍රචණ්ඩකාරී තත්ත්‍වයට පත් වෙන කෙනෙක්. මා විසින් මෙම නපුරු චක්‍රය නතර කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.
නමුත් ඩේවිඩ්ට…
යහපත් පොත සමග වැතිරී
අයිස්ලන්තය නැමැති කුඩා රට පාඨකයන්ගෙන් පිරී දේශයකි. ඒක පුද්ගල ප්‍රතිශතයකින් එහි ජනයාගේ පොත් කියවීම සහ එහි පොත් මුද්‍රණය කිරීම වෙන කිසිම රටකට වඩා වැඩි බව පැවසේ. චාරිත්‍රයක් ලෙසට නත්තලට පෙර දින තම පවුලේ අයට සහ මිතුරන්ට අයිස්ලන්ත වැසියෝ පොත් ලබා දී රෑ යාමය වන තුරු ඒවා කියවති. මෙම සම්ප්‍රදාය 2 වන ලෝක මහා යුද්ධ සමය දක්වා විහිදේ. පිටින් ගෙන්වීම සීමාකර…
හුස්ම සහ සංක්‍ෂිප්තය
මාගේ මවත්, සහෝදරියනුත් සමඟ මමද මාගේ පියාගේ ඇඳ ලඟ සිටගෙන ඔහුගේ හුස්ම ගැනීම ටිකෙන් ටික අඩුව ගොස් අවසානයේ එය නැවතෙනවා බලා සිටියෙමු. මගේ පියා වයස 89ට පා තබන්නට තව දවස් කීපයක් තිබියදී දෙවියන්වහන්සේ වෙතට නිහඬවම ගියේය. ඔහුගේ වියෝව හේතුවෙන් අප තුළ හිස්බවක් ඉතිරිව තිබුණි. දැන් අපට ඉතිරිව තිබුණේ මතකයන් සහ සිහිවටන පමණි. එහෙත් කවදාහෝ අපි නැවත එක්වන බවට අපට බලාපොරොත්තුවක්…
සෑම කෙනෙක්ටම උපදේශකයෙක් අවශ්‍යය
මා මාගේ අලුත් අධ්‍යක්‍ෂකගේ කාර්යයාලයට ගිය විට මට චකිතයක්ද අලුත් හැඟීම්ද තිබුණි. මගේ පැරණි අධ්‍යක්‍ෂක පාලනය ගෙන ගියේ දරුණු ලෙසය. බොහෝ විට මා සහ අන් අයට කඳුළු ඉතිරි කරමිනි. දැන් මා කල්පනා කළේ මගේ අලුත් නායකයා කෙබඳු කෙනෙක් වේවිද කියාය. මා ඔහුගේ කාමරයට ඇතුල් වූ විට මාගේ භිය දියව ගියේය. ඔහු මාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන මා ගැනත් මගේ අසහනයන්…